ICC Smart Eco වෙතින් ගෘහස්ථ සහ කාර්මික කාබනික අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් | දිනමිණ

ICC Smart Eco වෙතින් ගෘහස්ථ සහ කාර්මික කාබනික අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම්

ගෘහස්ථ සහ කාර්මික කාබනික අපද්‍රව්‍ය පිරිසැකසුම් තාක්ෂණය පාරිභෝගිකයන්ට පහසුවෙන් ලබා ගැනීමට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කීර්තිමත් සමාගමක් වන International Construction Consortium (ICC) සමාගම සිය නවතම අපද්‍රව්‍ය පිරිසැකසුම් යන්ත්‍රෝපකරණ මාදිලි පෙළ හඳුන්වා දී ඇත. ICC Smart Eco Solutions හඳුන්වා දුන් මේ නවතම නිෂ්පාදන පෙළ කාබනික අපද්‍රව්‍ය කොම්පෝස්ට් යන්ත්‍ර සහ ස්මාර්ට් මොඩියුල අපජල පිරිපහදු පද්ධතිවලින් සමන්විතය. Smart Eco Quick Composter hka;%h ‘FOODCYCLER’ යන නමින් නිවෙස්වල භාවිතයට ‘PL Series’ යන යන්ත්‍ර මාදිලි පෙළ වාණිජමය භාවිතයට ද හඳුන්වා දී ඇත. ගන්ධය පිටතට නිකුත් නොවන ලෙස ගලවා සවි කළ හැකි සක්‍රීය කාබන් ෆිල්ටරයකින් මේ සියලු ඒකක සමන්විතය. කාබනික අපද්‍රව්‍ය පැය 6-24 අතර කාලයකදී ගුණාත්මක බවෙන් ඉහළ කාබනික පොහොර බවට පරිවර්තනය කිරීමේ හැකියාව එම යන්ත්‍ර සතුය.

තට්ටු නිවාස, හෝටල්, නිවාස සංකීර්ණ සහ කර්මාන්තශාලා ඇතුළු ක්ෂේත්‍ර රැසකට මේ යන්ත්‍රයෙන් ප්‍රතිලාභ ලැබිය හැකිය. ICC සමාගමේ නවතම තාක්ෂණය මගින් කර්මාන්තශාලාවලට පහසුවෙන් සිය අපද්‍රව්‍ය ප්‍රති සැකසුම්කරණය කර අපද්‍රව්‍ය ගබඩා කිරීමට වැය වන අධික පිරිවැය ඉතිරි කර ගැනීමටද මෙමගින් හැකිය. ස්මාර්ට් කාබනික අපද්‍රව්‍ය කළමනාකරණ තාක්ෂණය සඳහා පාරිභෝගිකයන්ට ඇති ප්‍රවේශය පුළුල් කරමින් ICC සමාගම මෙරට කසළ ගැටලුව විසඳීමේ ප්‍රයත්නයේ ක්‍රියාකාරී හවුල්කරුවකු ලෙස සිය දායකත්වය දෙයි. ICC Smart Eco Solutions අපජල පිරිපහදුව සඳහා ද අඩු පිරිවැය, කාර්යක්ෂම සහ ප්‍රායෝගික විසඳුම් රැසක් හඳුන්වා දී ඇත. ජර්මනිය, චීනය සහ එක්සත් රාජධානිය යන රටවල තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇති මේ යන්ත්‍ර පහසුවෙන් ස්ථාපනය කළ හැකිය. සාම්ප්‍රදායික පද්ධති සමඟ සැසඳීමේදී කාර්යක්ෂමතාවෙන් වැඩි අතර, කාබන් විමෝචනයද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට සමත්ය. මේ නිෂ්පාදන සියල්ල සතුව මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය සහ 40 වසරක අත්දැකීම් සහිත ICC සමාගමේ වගකීම් සහතිකයකය ඇත.

 

නව අදහස දක්වන්න