වකුගඩුවක් දන් දී කලණ නිම්සරගේ දිවි රැක දෙමු | දිනමිණ

වකුගඩුවක් දන් දී කලණ නිම්සරගේ දිවි රැක දෙමු

කුලීගොඩ, වලව්වත්ත, ධීවර නිවාස සංකීර්ණයේ අංක 291/34 ලිපිනයේ පදිංචි දහතුන් හැවිරිදි ටී. කලණ නිම්සර ද සොයිසා නමැති පාසල් සිසුවාගේ වකුගඩු දෙකම අක්‍රීය තත්ත්වයට පත් වීම නිසා දැනට මාස එක හමාරක පමණ කාලයක සිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. අවුරුදු විසි එකත් හතළිහත් අතර වයසේ අයකුගේ ඕ පොසිටිව් හෝ බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව සිසුවාට ප්‍රතිකාර කරන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය එස්.තල්ගහගොඩ මහතා නිර්දේශ කොට ඇත. මොහුට අවශ්‍ය කරන ඖෂධ වර්ගවලට රුපියල් ලක්ෂ අටක මුදලක් වැය විය හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා දන්වා තිබේ. කුලී වැඩ කිරීමෙන් ජීවත්වන මේ සිවොගේ පියාට එතරම් මුදලක් වැය කිරීමට හැකියාවක් නැති බව ඔහු පවසයි. ඒ නිසා සිය දරුවාගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් පිරි නැමීමට හා මුදලින් ආධාර කිරීමට කැමති පින්වතුන් සිටීනම් පිහිට වන ලෙස දරුවාගේ පියා වන ටී. හර්බට් සොයිසා මහතා පින් කැමති පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා සිටී. අම්බලන්ගොඩ මහජන බැංකුවේ අංක 035 200146329492 දරණ ගිණුමක් ආරම්භ කොට ඇති අතර වැඩි විස්තර 076 2151789 හෝ 076 2155342 දුරකථන අංකවලට කතා කරන ලෙස දරුවාගේ පියා ඉල්ලා සිටී.

 

නව අදහස දක්වන්න