ශ්‍රී ලංකා - චීන සබඳතා ආර්ථිකයට පමණක් සීමා වී නෑ | දිනමිණ

ශ්‍රී ලංකා - චීන සබඳතා ආර්ථිකයට පමණක් සීමා වී නෑ

වැඩ බලන චීන තානාපති කියයි

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ආර්ථික සහයෝගිතාවට පමණක් සීමා නොවන බව චීනය අවධාරණය කරයි.

ඒ අනුව ආර්ථික සහයෝගිතාව මත පමණක් නොව උපාය මාර්ගික වශයෙන් හවුල්කාරිත්ව සහයෝගයක් මත පදනම් වී තිබෙන බව ද ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා පවසයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වැඩ බලන චීන තානාපතිවරයා පෙන්වා දුන්නේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සිදු වූ පසුගිය කාලසීමාවේ ශ්‍රී ලංකාව සහ චීනය අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් කටයුතු කළ බවත් මෙම වයිරස් තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් පරීක්ෂණ කට්ටල 73,000, මුහුණු ආවරණ ලක්ෂ 45ක්, පෞද්ගලික ආරක්ෂක උපකරණ 54,000ක් ඇතුළු වෛද්‍ය උපකරණ රැසක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙන බවත්ය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා ආර්ථික කරුණු මත පමණක් පදනම් නොවිය යුතු බව සඳහන් කරන හූ වෙයි මහතා එම සබඳතා ඊට වඩා පුළුල් වියයුතු බව ද කියා සිටී.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න