13 වැනි කොරෝනා මරණය හලාවතින් | දිනමිණ

13 වැනි කොරෝනා මරණය හලාවතින්

කොවිඩ් - 19 ආසාදිත 13 වැනි මරණය සිදු වූ බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ‘දිනමිණ‘ට ඊයේ (14) ප්‍රකාශ කළේය. බහරේන් සිට මෙරටට පැමිණි මෙම පුද්ගලයාට හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් හලාවත මූලික රෝහලට ඇතුළත් කළ පසුව පෙරේදා (13) මරණයට පත්ව ඇත. වයස අවුරුදු 60ක් වූ එම පුද්ගලයා කොවිඩ් ආසාදිත රෝගියකු ආදාහනය කරන ආකාරයේ නීති-රීතිවලට යටත්ව ආදාහනය කිරීමට නියමිත ය. හලාවත අඹකඳවිල සංචාරක හෝටලයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි අතරතුර මෙම සිද්ධියට මුහුණ දීමට ඔහුට සිදුව තිබේ.

නිරෝධායනයට ලක් වෙමින් සිටින අතරතුර මෙම පුද්ගලයා පසුගිය 09 වැනිදා ඇති වූ හදිසි හෘදයාබාධය හේතුවෙන් හලාවත මූලික රෝහලට ඇතුළත් කර ඇත.

 

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න