යෝධයෝ වීදි බසී ප්‍රජා නාට්‍ය මෙවර හොරණදී | දිනමිණ

යෝධයෝ වීදි බසී ප්‍රජා නාට්‍ය මෙවර හොරණදී

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රසංගකලා අධ්‍යන අංශයේ තෙවන වසර නාට්‍ය හා රංග කලාව  තෙවන වසර පලමු සෙමෙස්තරයට අදාල විභාගය උදෙසා යෝධයෝ වීදි බසී  පර්යේෂණාත්මක නාට්‍ය හෙට(16) හොරණ නගරයේ බස්නැවතුම් පොල අසල ප.ව. 3.30 ට ආරම්භවීමට නියමිතව ඇත.
 
මේ වනවිට සමාජයෙන්  දුරස් වී යන කොවිඩි 19 වසංගතය පිළිබඳ දැනුවත් කිරීම තේමා කර ගනිමින් සාම්ප්‍රදායික වේදිකාවෙන් මිදී ප්‍රජා නාට්‍ය ලෙස ජනතාව අතරට ගොස්  දැනුවත් කිරීම මෙහි විශේෂත්වයයි. මීට අමතරව ලංකාවේ දෙවන විශාලතම යෝධ රූකඩය ද නාට්‍ය සදහා යොදාගෙන තිබීම සුවිශේෂී වේ.
 
කතිකාචාර්ය පූජිත ද මැල් මහතා හා ආධුනික කතිකාචාර්ය කසුන් උක්වත්ත මහතා යන දේශකවරුන්ගේ මග පෙන්වීම යටතේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රසංගකලා අධ්‍යන අංශයේ තෙවන වසර විද්‍යාර්ථයකු වන දිනිදු ඉසුරංග මෙම නාට්‍යය අධ්‍යක්ෂනය කර ඇත. 
 
තෙවන වසර  ප්‍රසංගකලා අධ්‍යන අංශයේ සහෝදර විද්‍යාර්ථීන්ගේ රංගනදායකත්වයෙන් හෙට හොරණ බස් නැවතුම්පළ ඉදිරිපිට යෝධයෝ වීදී බසී නාට්‍ය කරළියට බසී.

නව අදහස දක්වන්න