නිත්‍යකල්‍යාණි ජුවලරි වැල්ලවත්ත වෙරළ පිරිසුදු කරයි | දිනමිණ

නිත්‍යකල්‍යාණි ජුවලරි වැල්ලවත්ත වෙරළ පිරිසුදු කරයි

වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි අඛණ්ඩව පස් වැනි වරටත් සංවිධාන කළ වෙරළ පිරිසුදු කිරීමේ සමාජ සත්කාරය පසුගියදා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් වැල්ලවත්ත වෙරළ තීරයේදී පැවැත්විණි. වැල්ලවත්ත පොලීසියේද සහයෝගය ඇතිව සංවිධාන කරන ලද මේ වැඩසටහනට වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි කාර්ය මණ්ඩලය, පාරිභෝගිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. පසුගිය දා (16) වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන පැවැති අතර, කැළි කසළ නිසා අපවිත්‍රව පැවැති වෙරළ තීරය සියලු දෙනාගේ සිත් සතන් ඇද ගන්නා දර්ශනීය හා පිරිසුදු වෙරළ තීරයක් බවට නැවත පත් කිරීමට මේ සමාජ සත්කාරය හරහා හැකි විය. මේ අවස්ථාවට සම්බන්ධ වෙමින් වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි ප්‍රධාන විධායක නිලධාරී ඒ. පී. ජෙයරාජා මහතා සඳහන් කළේ පරිසරය ආරක්ෂා කර ගැනීම සිය ආයතනික සමාජ වගකීම්වල ප්‍රධාන කොටසක් ලෙස සලකන බවත් ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් සංවිධාන කරන බවත්ය.

අතීතයේ පටන් සුන්දර පරිසරයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්විය යුතු බවත් තම ආයතනය මෙවන් වැඩසටහන් හරහා සිදු කරන්නේ එම කර්තව්‍යයට ආයතනික මට්ටමින් සහයෝගය දැක්වීම බවත් වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි සම හවුල්කරු දිවාකර් බාලසුබ්‍රමනියම් මහතා පැවැසීය.

 

නව අදහස දක්වන්න