ගෙවුණු පැය 24ට කොවිඩ් ආසාදිතයන් 307,930ක් හමු වෙලා | දිනමිණ

ගෙවුණු පැය 24ට කොවිඩ් ආසාදිතයන් 307,930ක් හමු වෙලා

ලෝක සෞඛ්‍ය සංවිධානය

ගෙවුණු පැය 24 ඇතුළත ලොව පුරා 307,930ක වාර්තාගත කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් හමුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. තවද දෛනික මරණ 5,500ක් වාර්තා වීමෙන් සමස්ත මරණ සංඛ්‍යාව 917,417ක් වී ඇත. ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඉන්දියාව, අමෙරිකාව සහ බ්‍රසීලයෙනි. මේ වන විට කොරෝනා ආසාදිත බවට තහවුරු කළ පිරිස මිලියන 28ක් ඉක්මවා ගොස් ඇත. එයින් අඩක්ම අමෙරිකා කලාපයේ රටවල්වලින් හමුවීම විශේෂත්වයකි.

මීට කලින් එක් දිනක වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වූයේ සැප්තැම්බර් 06 වැනිදාය, එය සංඛ්‍යාත්මකව 306,857කි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ඉකුත් ඉරිදා ඉන්දියාවෙන් නව ආසාදන 94,372ක් ද, අමෙරිකාවෙන් 45,523ක්ද, බ්‍රසීලයෙන් 43,718ක් ද වාර්තා වී තිබේ. ගෙවුණු පැය 24 ඇතුළත අමෙරිකාවෙන් සහ ඉන්දියාවෙන් කොවිඩ් මරණ දහසකට වැඩියෙන් වාර්තා වී ඇති අතර බ්‍රසීලයේ 874 දෙනෙක් මියගොස් තිබේ.

නව අදහස දක්වන්න