‘සිනමාලංකාරය’ මාසික සිනමා දැක්ම | දිනමිණ

‘සිනමාලංකාරය’ මාසික සිනමා දැක්ම

සිනමාලංකාරය මාසික සිනමා දැක්ම හා කතිකාව සමාරම්භක වැඩසටහන මේ මස 20 වැනි දින ප.ව. 2.30ට මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. මෙදින බොන් ජූන් අධ්‍යක්ෂණය කළ PARASITE තිරගත වේ. මෙය දකුණු කොරියානු සිනමාපටයකි. මෙහිදී පැවැත්වෙන සිනමා කතිකාව සඳහා සිනමා නිර්මාපක සහ විචාරක එරන්ද මහගමගේ සහභාගි වනු ඇත. සමාරම්භක වැඩසටහන මෙහෙයවනු ලබන්නේ නීල් ප්‍රියන්ත කරුණාරත්න විසිනි. මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානයේ බහු මාධ්‍ය පුස්තකාලය සහ ජනමාධ්‍ය හා රංගකලා අධ්‍යයන අංශය මෙය සංවිධානය කරයි.

නව අදහස දක්වන්න