වසරේ වැඩිම ආදායම මෙසීට | දිනමිණ


 

වසරේ වැඩිම ආදායම මෙසීට

බාසිලෝනා කණ්ඩායමට ක්‍රීඩා කරන ආජෙන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී මේ වසරේදී ලොව ඉහළම ආදායම ලබන පාපන්දු ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව විසින් නම් කරනු ලැබීය.

ෆෝබ්ස් සඟරාවේ නවතම ලැයිස්තුවට අනුව 33 හැවිරිදි මෙසීගේ වාර්ෂික ආදායම මේ වසරේදී පවුම් මිලියන 97.2 ක් වන අතර, පවුම් මිලියන 90.3ක වාර්ෂික ආදායමක් උපයන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ එම ලැයිස්තුවේ දෙවැනි තැනට පත් වී සිටී.

බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක නේමර් පවුම් මිලියන 74.1ක වාර්ෂික ආදායමකට හිමිකම් කියමින් තුන්වැනි තැනට පත්විය. ප්‍රංශයේ කයිලන් එම්බපේ සිවුවැනි ස්ථානයේ පසුවන්නේ පවුම් මිලියන 32.4ක වාර්ෂික ආදායමකට හිමිකම් කියමිනි. ඊජිප්තුවේ මොහොමඩ් සලා (පවුම් මිලියන 28.5), ප්‍රංශයේ පෝල් පොග්බා (පවුම් මිලියන 26.2) පිළිවෙළින් පස්වැනි හා හයවැනි ස්ථානවලට පත් වී සිටිති.

නව අදහස දක්වන්න