සිවාජිලිංගම්ට ඇප | දිනමිණ


 

සිවාජිලිංගම්ට ඇප

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා ඇප මත නිදහස් කර තිබෙය්.
 
රුපියල් ලක්ෂ දෙකක පුද්ගලික ඇප මත ඔහුව නිදහස් කළ බව  වාර්තා වෙයි.
 
ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ වැකි සහිත බැනරයක් ප්‍රදර්ශනය කරමින් සිදුකළ සැමරුමක් සම්බන්ධයෙන් කෝපායි පොලීසිය විසින් ඊයේ (15) තවත් පුද්ගලයෙක් සමග ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
 
මෙම නඩුව සැප්තැම්බර් 25 වැනිදා නැවත කැඳවීමට නියමිතය.
 

නව අදහස දක්වන්න