රිචඩ් පීරිස් ෆිනෑන්ස් ගනුදෙනුකරුවන්ට ආර්පිකෝ ඉන්ෂුවරන්ස් රක්ෂණාවරණ | දිනමිණ


 

රිචඩ් පීරිස් ෆිනෑන්ස් ගනුදෙනුකරුවන්ට ආර්පිකෝ ඉන්ෂුවරන්ස් රක්ෂණාවරණ

ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක ජීවිත රක්ෂණ සමාගම බවට පත්වීමේ දැක්ම ඇතිව ක්‍රියාත්මක වන ආර්පිකෝ ඉන්ෂුවරන්ස් පී. එල්. සී. සමාගම (Arpico Insurance PLC) පසුගියදා රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් (Richard Pieris Finance Ltd) සමාගමේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් රුපියල් 1,000,000 ක් දක්වා ආවරණයක් ලබාදෙන නව රක්ෂණ ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම පසුගිය දා සමාගම් දෙකෙහිම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ අත්සන් තබන ලදි.

රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගමේ වර්තමාන වත්කම් පදනම රුපියල් බිලියන 19ක් වන අතර, එයින් ස්ථාවර තැන්පතුවල වටිනාකම රු. බිලියන 8ක් වේ. මෙහි විශේෂත්වය වන්නේ රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගම මේ ජයග්‍රහණ ද්විත්වයම අත්පත් කරගෙන ඇත්තේ ක්ෂේත්‍රයට පිවිස වසර 7ක් තරම් කෙටි කාලයකින් වීමයි. දිවයින පුරා විසිරුණු ශාඛා 15ක් හරහා කැපවීමෙන් වැඩ කරන වෘත්තිකයන් 300ක පමණ කණ්ඩායමක් සමඟ ක්‍රියාත්මක වන රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගම වාහන ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතිරි කිරීම්, ව්‍යාපාර මූල්‍යකරණය, නිවාස ණය, ආර්පිකෝ ගෘහ භාණ්ඩ මූල්‍යකරණය, සැපයුම්කරුවන්ට මූල්‍ය විසඳුම් සැපයීම සහ විකල්ප මූල්‍ය විසඳුම් වැනි විශාල පරාසයක සේවා සපයයි.

 

නව අදහස දක්වන්න