HNB FINANCE පුත්තලම ශාඛාව නව නිවහනකට | දිනමිණ


 

HNB FINANCE පුත්තලම ශාඛාව නව නිවහනකට

වසර 20ක් පුරා ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව වෙත නම්‍යශීලී මූල්‍ය සේවාවන් තිළිණ කළ HNB FINANCE සමාගමේ පුත්තලම ශාඛාව පුත්තලම නගර මධ්‍යයේ වඩාත් ඉඩ පහසුකම් සපිරි සමාගමටම අයත් නව තෙමහල් ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන යන ලදි.

නවීන තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතය සහ පරිසර හිතකාමී තිරසර ක්‍රමවේදයන් භාවිතය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් යොමු කරන HNB FINANCE සමාගම මේ නව ගොඩනැගිල්ල ඉදිකිරීමේදීද ඒ පිළිබඳ සිය අවධානය යොමු කර තිබීම විශේෂත්වයකි. විශේෂයෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කොට කාර්යක්ෂම ලෙස විදුලිය අරපිරිමැස්ම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මෙහිදී කැපී පෙනේ.

අභිනව HNB FINANCE පුත්තලම ශාඛාව එහි කළමනාකාර අධ්‍යක්‍ෂ/ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අතර, මේ අවස්ථාවට HNB FINANCE හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියලාල් අරංගල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ශාඛා ජාල, ඇනස්ලි ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වූහ.

 

නව අදහස දක්වන්න