ඉන්දියාවේ රෝහල්වල දැඩි ඔක්සිජන් හිඟයක් | දිනමිණ


 

ඉන්දියාවේ රෝහල්වල දැඩි ඔක්සිජන් හිඟයක්

කොරෝනා ආසාදන ඉහළ යාම නිසා ඉන්දියාවේ රෝහල්වල දැඩි ඔක්සිජන් හිඟයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. මේ නිසා ඔක්සිජන් සැපයිය යුතු රෝගීන්ට ඒවා ලබාදෙන කාලසීමාව සහ වාර ගණන අඩු කිරීමට සිදු වී ඇතැයි එරට රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වන බීබීසී කියයි. වාණිජ අගනුවර වන මුම්බායිහි පුද්ගලික රෝහලක හිමිකරුවකු වන අන්කිට් සෙතියා තමන්ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලබාගැනීමට සැපැයුම්කරුවන් 10 දෙනකුට සහ රෝහල් 04කට අමතා නොහැකි වූ විට සැතපුම් 20ක් ඈතින් පිහිටි වෙනත් රෝහලකින් ඔක්සිජන් සිලින්ඩර් කිහිපයක් ලබා ගැනීමට හැකි වූ බව කීය. තිබෙන ඔක්සිජන් පැය 12කට පමණක් ප්‍රමාණවත් බැවින් අවශ්‍ය ඕනෑම මොහොතක කොතැනකින් හෝ ඔක්සිජන් සිලින්ඩර සොයා රෝහල වෙත ගෙන ඒමට සේවකයන් කිහිපදෙනකු පූර්ණ කාලීනව සේවයේ යොදවා ඇතැයි අන්කිට් කීය.

 

නව අදහස දක්වන්න