ඔස්ට්‍රේලියානු පොලිස් නිලධාරියකු සේවයෙන් පහ කරයි | දිනමිණ


 

ඔස්ට්‍රේලියානු පොලිස් නිලධාරියකු සේවයෙන් පහ කරයි

පොලිස් රථයක ගැටුණු පුද්ගලයකුගේ හිසට පාපහර එල්ල කර අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් ඔස්ට්‍රේලියානු පොලිස් නිලධාරියකු සේවයෙන් පහකර ඇත. ඉරිදා මෙල්බර්න් නුවර දී අත්අඩංගුවට ගත් 32 හැවිරිදි මේ පුද්ගලයා කෝමා තත්ත්වයට පත් වී රෝහල්ගතව පසු වේ.

මේ සිද්ධියට අදාළ වීඩියෝ පටය ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ ඔහුගේ පවුලේ අය සිද්ධිය ගැන ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍යයැයි දැනුම් දී තිබේ. අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන බව වික්ටෝරියා පොලීසිය පවසයි.

 

නව අදහස දක්වන්න