ඉන්දියාවේ මන්ත්‍රීන් 25කට කොරෝනා | දිනමිණ


 

ඉන්දියාවේ මන්ත්‍රීන් 25කට කොරෝනා

මෝසම් වැසි සමයෙන් අනතුරුව ප්‍රථම වතාවට ඉන්දීය පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ වූ අවස්ථාවේ සිදු කළ පරීක්ෂා කිරීම්වලින් මන්ත්‍රීවරු 25 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ. කණිෂ්ට දුම්රිය ඇමැති සුරේෂ් අන්ගාඩි, භාරතීය ජනතා පක්ෂයේ මීනක්ෂි ලෙඛී, අනාත් කුමාර් හෙජ්, පර්වේෂ් සහීබ් සිං, රීටා බහුගුණ ජෝෂි සහ කෞෂල් කිෂෝර් ඇතුළු ලෝක් සභා මන්ත්‍රීවරු 17 දෙනකුට වයිරසය ආසාදනය වී තිබේ.

ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ කොංග්‍රස් පක්ෂයේ දීපේන්ද්‍ර සිං හූඩා සහ නරාන්භායි ජේ රත්වා, බීජේපී හි අශෝක් ගස්ති සහ අභායි භාර්ද්වාජ්, ඒඅයිඒඩීඑම්කේ පක්ෂයේ ඒ. නවීන්තක්‍රිෂ්ණන, ඒඒපීහි සුෂිල් කුමාර් ගුප්තා, ටීආර්එස්හි වී ලක්ෂ්මිකාන්තා රාඕ සහ ඒඅයිටීසීහි ශාන්තා චේට්‍රි යන මන්ත්‍රීවරුන්ට කොරෝනා ආසාදනය වී තිබිණි.

බුද්ධි කරුණාරත්න

නව අදහස දක්වන්න