යුපුන්ට තවත් පදක්කමක් | දිනමිණ


 

යුපුන්ට තවත් පදක්කමක්

දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා ලෙස මීට දින කිහිපයකට පෙර නව වාර්තාවට හිමිකම් කී යුපුන් අබේකෝන් ස්විට්සර්ලන්තයේ පැවැති ක්‍රීඩා උලෙළකදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වෙයි.

බෙලින්සෝනාහිදී පැවැති තරගාවලියේදී ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සමඟින් පෙරේදා මීටර් 100 ඉසවුවට එක් වූ යුපුන් තත්පර 10.24කින් තරගය නිම කරමින් තෙවැනි ස්ථානයට පත් විය. ඔහු පසුගිය සතියේ මේ ඉසව්වෙන් වාර්තා කළ කාලය 10.16කි. කෙසේ වෙතත් මේ තරගයට එක් වූ ක්‍රීඩකයන් 8 දෙනා අතරින් හොඳම පෞද්ගලික කාලය වාර්තා කිරීම අතින් යුපුන්ට වඩා පසුපසින් සිටියේ එක් ක්‍රීඩකයකු පමණක් වීම විශේෂත්වයකි. පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කම්ලාභී දකුණු අප්‍රිකාවේ වේගත්ම ක්‍රීඩකයා වන අකානි සිම්බනි තත්පර 10.02කින් රන් පදක්කම දිනා ගත් අතර, 2016 වසරේ අවුරුදු 20න් පහළ ලෝක ශූරතාවලියේදී රිදී පදක්කම් දිනූ ඉතාලියේ ෆිලිපෝ ටොටු (10.07) රිදී පදක්කමට හිමිකම් කීය. ඔලිම්පික් නියෝජනය කළ අකානි සටහන් කළ කාලය මේ වසරේ මීටර් 100 ඉසවුවෙන් වාර්තා වූ ලොව තෙවැනි වේගත්ම කාලය විය. තත්ප.9.91කින් දස්කම් දක්වා තිබෙන නෙදර්ලන්යේ මාර්ටිනා චුරන්ඩි සිව්වැනි ස්ථානයට පත් විය. ඔහු ද ඔලිම්පික් නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

නව අදහස දක්වන්න