ප්‍රංශ සවාරිය ජර්මනියේ කම්නා 16 වැනි අදියර දිනයි | දිනමිණ


 

ප්‍රංශ සවාරිය ජර්මනියේ කම්නා 16 වැනි අදියර දිනයි

එකසිය හත් වැනි ප්‍රංශ සවාරියේ 16 වැනි අදියර ජය ගැනීමට ජර්මනියේ ලෙනාඩ් කම්නා සමත් විය. කිලෝමීටර් 164ක දුරකින් යුතුව පැවැති එම අදියර නිමා කිරීමට කම්නා ගත කළ කාලය පැය 4:12.52කි.

මේ 24 හැවිරිදි ක්‍රීඩකයා ප්‍රංශ සවාරියේ ජයග්‍රහණයක් අත්කරගත් පළමු අවස්ථාව මෙයයි.

ඉක්වදෝරයේ රිචඩ් කරපාස් දෙවැනි ස්ථානයටත්, ස්විට්සර්ලන්තයේ සෙබස්තියන් රිචෙන්බැච් තෙවැනි ස්ථානයටත් පත් වූහ.

අදියර 21කින් යුතු මේ සවාරියේ 16 වැනි අදියර නිමා වන විට සමස්ත ශූරතා සටනේ පෙරමුණ රැක ගනිමින් කහ ජර්සිය දිනා ගැනීමට ස්ලෝවේසියානු ක්‍රීඩක ප්‍රිමෝස් රොග්ලික් සමත්ව ඇති අතර, එමරේට්ස් ක්‍රීඩක ටජෙඩ් පොගාචර් තත්පර 40ක් පසුපසින් දෙවැනි ස්ථානයේ සිටී.

කිලෝමීටර් 3484.2ක දුරකින් යුතු මේ සවාරිය 20 වැනිදා නිමාවට පත්වීමට නියමිතය.

නව අදහස දක්වන්න