ඉතාම නුදුරු දිනකදී මත්ලෝලීන්ට මතට තිත තියන්නම වෙනවා | දිනමිණ


 

ඉතාම නුදුරු දිනකදී මත්ලෝලීන්ට මතට තිත තියන්නම වෙනවා

මේ වනවිට රට පුරා අස්සක් මුල්ලක් නෑර මත්කුඩු තොගපිටින් අත් අඩංගුවට ගන්නවා. ඉතාම නුදුරු දිනයක මත්ලෝලීන්ට මත්කුඩු මිලට ගැනීමට තැනක් නැතිවෙනවා. අන්න එදාට අපේ රටේ මතට ඇබ්බැහිවූවන්ට ස්වේච්ඡාවෙන්ම මතට තිත තියන්නම වෙනවායැයි දේශීය වෛද්‍ය ප්‍රවර්ධන ග්‍රාමීය ආයූර්වේද රෝහල් සංවර්ධනය සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය ඇමැති නීතීඥ සිසිර ජයකොඩි මහතා කිරිබත්ගොඩ රෝයල් ගාර්ඩ්න් හෝටලයේ පැවැති පුනර්ජීවනී මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවේ සමාරම්භක රැස්වීමේදී පැවැසීය .

මත් රකුසාට ගොදුරුවී ඉන් පීඩාවිඳින රටේ අනාගත පරපුර එයින් මුදා ගැනීමටත් බෞද්ධ භාවනා ක්‍රම යෝගීභාවනාව සහ හෙළ වෙදකම මඟින් සාර්ථක ප්‍රතිකාර කර ඇති බැවින් රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම වැළැක්වීම සඳහා යෝජිත දීර්ඝකාලීන වැඩපිළිවෙළ ආරම්භ කරමින් රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද සඳහන් කෙළේය.

බටහිර වෛද්‍ය විද්‍යාව තුළින් මේ වන විටත් මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. එහෙත් ඒවා කේන්ද්‍රකර ගන්නේ බන්ධනාගාරගතව සිටින අයට සහ නීති මාර්ගයෙන් විවිධ වැටලීම් මගින් අත්අඩංගුවට ගත් පිරිස ඉලක්ක කරගෙනයි. එහිදී සිදුවන්නේ කයට පමණක් බෙහෙත් ලබාදීම පමණයි.

අපේ හෙල වෙදකමින් වගේම බෞද්ධ භාවනා ක්‍රම මගිනුත් යෝගව්‍යාම තුලිනුත් කයට වගේම මනසටත් ප්‍රතිකාර කළ හැකියි. ඒ සඳහා අද මෙලෙස මූලික පියවර තබන්නේ. නීතීඥයකු ලෙස මා මහර අධිකරණයේ සේවය කරන අවස්ථාවලදී මතට ඇබ්බැහිවූවන් පැමිණ අනන්ත වාරයක් මගෙන් අහලා තියෙනවා මට ඕනේ මේ පුරුද්දෙන් මිදෙන්න. අනේ මේකට මඟක් කියා දෙන්න කියලා. සමහර තරුණයන් තමන් වැටුණු මාරක උගුලෙන් ගැලවෙන්න මඟක් සොයමිනුයි ඉන්නේ. දේශීය වෙදකම තුළ මේ ව්‍යසනයට බෙහෙත් තියෙනවා. මේ රටෙන් මත් උවදුර නැති කිරීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සියලුම දෙනා කරන සටනට අපිත් මෙලෙස දායක වනවා යැයි රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

මේ අවස්ථාවට ආයුර්වේද කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද කිරිබත්ගොඩ නගරයේ පාසල් සිසුන් ආචාර්ය මණ්ඩලය විදුහල්පතිවරු, මහාචාර්යවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න