සුරකිමු ලංකා කමිටු පිහිටුවීම ඇරඹෙයි | දිනමිණ

සුරකිමු ලංකා කමිටු පිහිටුවීම ඇරඹෙයි

ග්‍රාමීය මට්ටමේ ජනතාවගේ ආරක්ෂාව හා ජාතික ආරක්ෂාව වෙනුවෙන් ‘සුරකිමු ලංකා ‘ ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීම මාතලේ දිස්ත්‍රික්කයේ ඇරඹෙයි.

හෙරොයින් ඇතුළු මත්ද්‍රවය අළෙවිය හා භාවිතය, පරිසරය ආක්ෂා කිරීම,ආපදා තත්ත්වයන් වළක්වා ගැනීම,පොදු කටයුතු සඳහා සාමුහිකව මැදිහත්වීම ආදී කරුණු පහක් සම්බන්ධයෙන් නව කමිටු හරහා ප්‍රජාව දැනුවත් කිරීම සිදුවන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාඋල පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් ගනේගෙදර මහතා කියා සිටියේය.

නාඋල පොලිස් බල ප්‍රදේශයේ වසම් 46ක නව කමිටු පිහිටුවන බවත් ඒ තුළින් ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ ක්‍රියාත්මකවීම අරමුණ වී ඇති බවත් හෙතෙම කියා සිටියේය. පසුගිය දා (13) නාඋල මීගහඇළ ප්‍රජා ශාලාවේදී පැවැති සුරකිමු ලංකා ප්‍රජා පොලිස් කමිටු රැස්වීම අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

ලංකාවේ මෙතෙක් පැවති ප්‍රජා පොලිස් කමිටු වෙනුවට නව රජය යටතේ ‘ සුරකිමු ලංකා ‘ නමින් නව කමිටු පිහිටුවීම සිදුකරනු ලබයි.

විවිධ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන්ගේ ක්‍රියාකාරිත්වය, අපරාධ හඳුනාගැනීම, අපරාධ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කිරීමේ වැදගත් කම ආදී කරැණු රැසක් සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීම මෙහිදී සිදුවිණි.

මෙම අවස්ථාව සඳහා මිගහඇළ වසම් භාර පොලිස් නිලධාරි එච්.එම්. හේරත් මහතා ඇතුළු මිගහ ඇළ ප්‍රදේශවාසීහු රැසක් ද එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න