‘ගුවන්සැරිසර’ රූපවාහිනී වැඩසටහනට ජාත්‍යන්තර විශේෂ ඇගයීම් සම්මානයක් | දිනමිණ

‘ගුවන්සැරිසර’ රූපවාහිනී වැඩසටහනට ජාත්‍යන්තර විශේෂ ඇගයීම් සම්මානයක්

ගුවන් සේවාවේ නුදුටු පැතිකඩ සොයා යන රූපමය චාරිකාව "ගුවන්සැරිසර" රූපවාහිනී වැඩසටහනට විශේෂ ඇගයීම් සම්මානයක් (15) හිමිවිය.

International Airline & Aviation College(IAAC)මගින් මේ ඇගයීම් සම්මානය ප්‍රදානය කරන්න හේතු වී ඇත්තේ ගුවන්සේවා ප්‍රවර්ධනය වෙනුවෙන් ඉටු කරන්නා වූ සමාජ වගකීමට ලබාදෙන ඇගයීමක් ලෙසිනි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය, ජාතික රූපවාහිනිය හා එක්ව විකාශනය කළ ගුවන්සැරිසර රූපවාහිනී වැඩසටහන රූපවාහිනී නාලිකාවක ගුවන්සේවා ක්ෂේත්‍රය පිළිබඳ සතිපතා විකාශනය වූ එකම රූපවාහිනී වැඩසටහන ලෙස අඛණ්ඩව විකාශනය විය.

මේ වන විට වැඩසටහන් 53ක් විකාශනය වී ඇති ගුවන්සැරිසර රූපවාහිනී වැඩසටහන මගින් සාමාන්‍ය ජනතාවට දුරස් වූ ක්ෂේත්‍රයක් වන ගුවන්සේවාව පිළිබඳ කරුණු සරල බස් වහරක් ඔස්සේ ආකර්ෂණීය ලෙස ඔවුනට ග්‍රහනය කරගත හැකි පරිදි ඉදිරිපත් කෙරිණි.

සම්මාන ප්‍රදානය ගුවන්සේවා සහ ආයෝජන කලාප ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතා අතින් සිදුකරන ලද අතර ගුවන්සැරිසර වැඩසටහන් අධ්‍යක්ෂ ප්‍රභාත් කුලරත්න සහ නිෂ්පාදක චම්පන පෙරේරා මහත්වරුන් සම්මානය ලබාගැනීමේ අවස්ථාවට එක්වූහ. කුවෙට් ජාත්‍යන්තර ගුවන් සේවයේ කලාපීය කළමනාකාර ( ශ්‍රී ලංකාව සහ මාලදිවයින) සුදේෂ් රූපසිංහ, අාචාර්ය කෙනට් ද සිල්වා මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ.

නව අදහස දක්වන්න