දිවුරුම්පිටියේ ත්‍රිරෝද-ලොරි රථ ගැටුමෙන් 3ක් මරුට | දිනමිණ

දිවුරුම්පිටියේ ත්‍රිරෝද-ලොරි රථ ගැටුමෙන් 3ක් මරුට

රත්නපුර-අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දිවුරුම්පිටිය ප්‍රදේශයේ දී ඊයේ (16) සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අවිස්සාවේල්ල සිට රත්නපුර දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයක ඊට පිටුපසින් පැමිණි ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු තිබේ. එහිදී ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ තවත් පුද්ගලයන් දෙදෙනකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මිය ගොස් ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 48,53 සහ 57 යන වයස්වල පසුවූ පුද්ගලයන් තිදෙනෙකි.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අවිස්සාවේල්ල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

කුරුවිට සමූහ, රත්නපුර විශේෂ

නව අදහස දක්වන්න