නාම යෝජනා ලබාදීමේදී 25%ක් නවකයන්ට | දිනමිණ

නාම යෝජනා ලබාදීමේදී 25%ක් නවකයන්ට

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා නාම යෝජනා ලබා දීමේදී පක්ෂය තුළ නවක අපේක්ෂකයන්ට සියයට 25ක කෝටාවක් ලබා දීමට සමඟි ජනබල වේගය තීරණය කර තිබේ.

දේශපාලන පක්ෂයකින් නවක අපේක්ෂකයින්ට මෙවැනි අවස්ථාවක් ලබා දීම ලංකා ඉතිහාසයේ පළමු වතාවට සිදු වන්නක් බව සමඟි ජන බලවේගයේ තරුණ ඒකකයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා දිනමිණ සමඟ කළ සාකච්ඡාවකදී පැවැසීය.

ඒ අනුව ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් යහපත් දේශපාලන අරමුණු සහිත තරුණයන් සිය පක්ෂයට බඳවා ගැනීමටත් ඔවුන් ප්‍රධාන පෙළේ දේශපාලන ක්‍රියාධරයින් බවට පත් කරමින් අනාගත ආණ්ඩු බලය ලබා ගැනීමටත් අපේක්ෂා කරන බව මයන්ත දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ශිවන්ති ප්‍රනාන්දු

නව අදහස දක්වන්න