ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වීමට App සේවාවක් | දිනමිණ

ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වීමට App සේවාවක්

 ලිට්‍රෝ ගෑස් සමාගම පාරිභෝගිකයන් සමඟ සමීප කිරීම සඳහා ලිට්‍රෝ ගෑස් App සේවාවව පසුගියදා හඳුන්වා දුන්නේය.

ලිට්‍රෝ ගෑස් සමාගම ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ගෑස් වෙළෙඳපොළෙහි 75%කට වැඩි වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියයි . මිලියන 04කට අධික පාරිභෝගික පදනමක් පවතින එම සමාගම දිවයින පුරා පුළුල් පරාසයක් තුළ තම පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රවේශයක් ලබා දීමට මෙම App සේවාව හරහා අපේක්ෂා කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝගෑස් ටර්මිනල් ලංකා පෞද්ගලික සමාගමෙහි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් කොස්වත්ත මහතා පවසා සිටියේ දිවයින පුරා විසිරී සිටින 35 දෙනෙකු‍ගෙන් යුත් ‍බෙදා හැරී‍ෙම් නියෝජිතයින් හා නිවාස සඳහා බෙදාහැරීමේ මධ්‍යස්ථාන 1,500ක් මෙන්ම විකුණුම් ස්ථාන 11,000ක් හරහා ක්‍රියාත්මක වන අපගේ පාරිභෝගික බෙදා හැරීම් ශක්තිමත් ජාලය මෙම App සේවාව හඳුන්වාදීමත් සමඟ නව තලයකට පිවිස ඇති බවයි. අද පාරිභෝගිකයන්ට අවශ්‍ය සේවාවන් ස්මාර්ට් ජංගම දුරකතනය හෝ‍ වෙනත් තාක්ෂණික උපාංග හරහා තෝරා ගන්නා වකවානුවක අප හඳුන්වා දුන් මෙම සේවාව පාරිභෝගිකයන්ට වටිනාකමක් එක් කරන බව ද කොස්වත්ත මහතා පවසයි”.

නව අදහස දක්වන්න