VTA සහ Bellos Lanka අවබෝධතා ගිවිසුමක් | දිනමිණ


 

VTA සහ Bellos Lanka අවබෝධතා ගිවිසුමක්

Bellos Lanka පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය පසුගිය දිනෙක අරමුණු කීපයක් මුල්කර ගනිමින් මෙසේ අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.

දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන 58ක කේශලාවණ්‍ය ශිල්පීන් ලෙස වසරකට පුහුණුව ලබන 2000කට ආසන්න ආධුනික රූපලාවන්‍ය ශිල්පීන් සඳහා පුහුණු ද්‍රව්‍ය නොමිලේ ලබා දීමටත් නවීන තාක්ෂණය සමඟ වෙනස්වන කේශලාවණ‍ය ක්ෂේත්‍රයේ නව දැනුම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ (VTA) උපදේශක උපදේශිකාවන් වෙත ලබා දෙමින් දැනුම යාවත්කාලීන කිරීමත් ඇතුළු එකඟතා රැසකට මෙම ගිවිසුමට අනුව එකගතාව පළ විය.

අවබෝධතා ගිවිසුම අත්සන් තැබුවේ ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි දමිත වික්‍රමසිංහ මහතා සමග Bellos Lanka පෞද්ගලික සමාගමේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ චතුර පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි.

නව අදහස දක්වන්න