අමෙරිකාවේ සුපිරි නිළි කිම් කාර්ඩාෂියන් සමාජ මාධ්‍ය වර්ජනයක | දිනමිණ


 

අමෙරිකාවේ සුපිරි නිළි කිම් කාර්ඩාෂියන් සමාජ මාධ්‍ය වර්ජනයක

අමෙරිකාවේ සුපිරි නිළියක, නිරූපිකාවක, සමාජ සේවිකාවක සහ ව්‍යාපාරික කාන්තාවක් වන කිම් කාර්ඩාෂියන් වෙස්ට් සමාජ මාධ්‍ය වර්ජනයකට මුල පුරා තිබේ. සමාජ මාධ්‍යවලින් වැරැදි තොරතුරු ප්‍රචාරය කරන බවත් විරෝධී ප්‍රචාර සිදු කරන බවත් ඇය චෝදනා නඟන්නීය. සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන වැරැදි තොරතුරු නිසා බරපතළ බලපෑමක් සිදුවනු ඇතැයි ද ඇය මේ ගැන නිකුත් කර ඇති නිවේදනයක සඳහන් කරයි. ඊයේ (16) ඇය පැය 24ක් සමාජ මාධ්‍යවලින් ඉවත් වී සිටියාය. මේ පියවර ඇය ගත්තේ සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් ස්ටොප්හේට්ෆොප්‍රොෆිට් නම් ව්‍යාපාරයට සහාය දීමටයි. මේ විරෝධී ආකල්ප පිරුණු සමාජ මාධ්‍ය පෝස්ට්වලින් මැතිවරණය සඳහා බලපෑමක් වන බව ද ඇය කියයි. ලියනාඩෝ ඩිකැප්‍රියෝ, සචා බැරන් කොහෙන් සහ ජෙනිෆර් ලෝරන්ස් මෙන්ම ගායිකා කැටී පෙරී ද මේ වර්ජනයට එකතුවීමට කැමැත්ත පළකර ඇත.

 

නව අදහස දක්වන්න