ලොරියකින් රහසේ ගෙන ගිය සංක්‍රමණිකයන් 39කගේ මරණවලට වියට්නාමයේ සිව්දෙනකු සිරගත කරති | දිනමිණ


 

ලොරියකින් රහසේ ගෙන ගිය සංක්‍රමණිකයන් 39කගේ මරණවලට වියට්නාමයේ සිව්දෙනකු සිරගත කරති

එසෙක්ස්හි ලොරි රථයක රහසිගත ලෙස රැගෙන ගිය සංක්‍රමණිකයන් 39 දෙනෙකුගේ මරණ සම්බන්ධව වියට්නාමයේ සිව්දෙනකු සිරගත කර ඇත. ඔක්තෝබර් 23 වැනිදා ග්‍රේස්හි දී අධිශීතකරණ ට්‍රක් රථයක පිටුපස කොටසේ සිටි මිනිසුන්, කාන්තාවන් සහ ළමයින් පිරිසක් මෙසේ මියගොස් සිටිය දී සොයාගෙන ඇත.එක්දින නඩු විභාගයකින් මේ සිව්දෙනා නීති විරෝධී සංක්‍රමණයක් සංවිධාන කිරීමට සහ තැරැව්කාරකම් සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් බව තීරණය කොට තිබේ. මේ නීති විරෝධී සංචාරය වෙනුවෙන් එක් අයකු ඩොලර් 22,000ක් තැරැව්කරුවන්ට ගෙවා ඇතැයි හෙළි වී තිබේ.

නව අදහස දක්වන්න