වන අලි පහරින් අසරණ වූ පවුලට අපිත් සරණක් වෙමු | දිනමිණ

වන අලි පහරින් අසරණ වූ පවුලට අපිත් සරණක් වෙමු

වන අලියකු පහරදී බරපතළ තුවාල ලබා අබාධිතවී අන්ත අසරණ තත්ත්වයට පත්වී සිටින තිදරු කාන්තාවක් පිළිබඳ දුක්බරකථා පුවතක් බකමුණ සිරිකදුරුයාය ගම්මානයෙන් වාර්තාවේ.

වන අලියකුගේ පහරදීම නිසා කකුලකට හා අතට බරපතළ තුවාල ලැබ එක්තැන්ව අන්ත අසරණ තත්ත්වයට පත්වී සිටිනුයේ සිරිකදුරුයාය ගම්මානයේ පදිංචි ඩබ්ලිව් .ඒ .ඉරේෂා නිශාන්ති නමැති 37 හැවිරිදී කාන්තාවකි.

විශාල සටනක් කර ජීවිතය බේරාගත් ඉෂාරා නිශාන්ති සිය සිදුවූ බිහිසුණු සිදුවීම විස්තර කළේ මේ අයුරිනි.

සිද්ධිය වූ දින වෙලාව උදේ 6 .30 විතර අැති මගේ ලොකුදුවටත් පොඩි දුවටත් උණ හැදුනා. බකමුණ රෝහලෙන් බෙහෙත් ගන්න මමත් දුවලා දෙන්නත් එක්ක නිවසින් පිටවුණා . අපේ ගමේ සිට බකමුණට බස් එක පිටත්වෙන්නේ උදේ 6 .45 ට. එනිසයි අපි උදෙන්ම නිවසින් පිටවිගියේ . අපි තිදෙනා මාර්ගයේ යනවිට සුසාන භුමිය අසලින් ගමන් කරද්දී වත්තක සිට අලියකු දුවගෙන අවා. අලියා මට පහර දුන්නා . මම පාරේම වැටුණා .

මට පහරදුන් අලියා දරුවන් දෙදෙනා පස්සේ එලෙව්වා. ලොකු දුවත් පොඩි දුවත් ගහක් යට සැඟවුණා.මේ අවස්ථාවේ තාත්තා දුවගෙන ඇවිත් කෑගැසුවා. අලියා නැවතත් මා ළඟට එනවිට නැවතත් තාත්තා කෑගැසුවා අලියා නැවත කැලෑවට ගියා. මගේ තාත්තා අවනිසයි මාත් දරුවන් දෙදනත් ජිවිත බේරාගත්තේ .

තාත්තා සමග මගේ මහත්තයා එක්වී අපි රෝහලට ගෙනාවා. අලියාගෙන් බේරීමට ගසක් යට සැඟවී ජිවිත බේරාගත් ඉරේෂා ගේ වැඩිමහල් දියණිය වන සදලි චාලිකා අවුරුදු 14 මෙම බිහිසුනු අත්දැකීම විස්තර කරමින් මෙසේ කීවාය.

උදෙන්ම අම්මත් මමත් නංගියි බකමුණට යන්න අතුරු පාරේ දිගේ යනවිට අලියා වත්තක ඉඳලා පාරට ආවා .ඇවිත් අම්මට අලියා පහර දුන්නා. අම්මා බිම වැටුණා .මම දුවලා ගහක් යට සැඟවුණා. නැවත වටපිට බලා ගෙදරට දුවලා ගිහින් තාත්තාට කිව්වා . තාත්තා ඇවිත් අම්මා රෝහලට අරන් ගියා .

හත්හැවරදී නිපුනි ශානිකා- අපි තිදෙනා යනවිට වත්තක ඉඳලා අලියා පාරට ඇවිත් අම්මට පහරදී අක්කාගේ පස්සේ එළවව්වා . අක්කා ගහක් යට සැඟවුණා . මම දුවගෙන ඇවිත් වරා ගහක් යට සැඟවුණා . මේ අවස්ථාවේ තමයි සීයා දුවගෙන ආවේ .

සීයා ඇවිත් අලියා එලවා දැම්මා . සීයා නාවානම් අපිට මෙහෙම් කථා කරන්නවත් ලැබෙන්නේ නෑ. අම්මයි තාත්තයි තමයි කුලී වැඩට ගිහින් අපිට කන්න අඳින්නත් පාසල් යන්නත් උදවු කළේ. දැන් පොත් පත් ගන්න මුදල් නොමැති නිසා පාසල් යන්නේ නෑ. ඇලහැර ප්‍රදේශීය ලේකම් කාර්යාලයට හා ඇලහැර වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයට වන්දියක් ඉල්ලා අවශ්‍ය ලිපිලේඛන ඉදිරිපත් කළත් මේවනතෙක් වන්දි මුදලක් ලැබී නැත . දරුවන් ජිවත් කරන්න

දරුවන් පාසල් යවන්න අදායම් මාර්ගයක් නොමැතිව අසරණ වී සිටින ඇය ප්‍රතිකාර ලබනුයේ පොලොන්නරුව මහ රෝහලෙනි . ඇයට උදව් උපකාර කිරීමට කැමති අයකු සිටීනම් හැකි ලෙස උපකාර කරන්නැයි කාරුණික ඉල්ලීමක් කර සිටී.

නව අදහස දක්වන්න