ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යළිත් | දිනමිණ

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යළිත්

අකර්මන්‍ය වූ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය වැඩසටහන් මාලාව නැවත රජරටින් ආරම්භ කිරීමට බලා පොරොත්තු වන බවත් ඒ තුළින් රජරට සිටින රැකියා විරහිත ස්වංරැකියා ලාභින්ට ශක්තියක් වීමට අවශ්‍යය සියලු කටයුතු සූදානම් කරන බවත් සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂද්‍ර මූල්‍ය , ස්වං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

පසුගියදා අනුරාධපුර නගරයේ , අනුරාධපුර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක සුගත් නයනානන්ද මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය.

පළමු අදියර වශයෙන් මෙය අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර දෙවනුව රට පුරා තෝරාගත් ග්‍රාම සේවා නිලධාරී කොට්ඨාස ආවරණය කරමින් දිරිමත්ව, සවිමත්ව, විධිමත්ව සංවිධානය වී දිළිඳුකමින් මිදී දියුණුවේ මාවතට පිළිපන් ජනතා සමාගම් බිහිකර ඒවාට වෙළෙඳපොළ ජය ගැනීමේ අවස්ථාව සලසා දීම ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය හරහා සිදු කිරීමට අපි බලා පොරොත්තු වෙනවා. මේ පිළිබඳ මා අනුරාධපුර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක සුගත් නයනානන්ද මැහතා සමග සාකච්ඡා කළා.

අපේ රටේ කාලීන අවශ්‍යතාවක් යුගයේ අවශ්‍යතාවක් ජාතික වශයෙන් අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයක් වූ දුගී බවෙන් නිදහස් වීම සඳහා මුළු මහත් ජනතාව තුළ ආර්ථික සමෘද්ධිය ඇති කිරීම සඳහා සමාජ සාධාරණත්වය තුළ සෑම මිනිසකුටම දරිද්‍රතාවයෙන්, බඩගින්නෙන්, කුසගින්නෙන් තොරව ජීවත්වීම සඳහා ආරම්භ කරනු ලබන ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය පසුගිය ආණ්ඩු කාලයේ අකර්මන්‍ය වෙලා තිබුණා. එය අපි නැවත නිවැරිදිව ආරම්භ කිරීමට කටයුතු කරනවා. ඒ පිළිබඳ තවත් සාකච්ඡා වාර කිහිපයක් අපි කරනවා.

නව අදහස දක්වන්න