සේවයේ යෙදවිය හැකි අවම වයස 16යි | දිනමිණ

සේවයේ යෙදවිය හැකි අවම වයස 16යි

බුද්ධිකා ඉඹුලාන
සිතාරා සේනානි

ශ්‍රමිකයන් සේවයේ යෙදවිය හැකි අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ දැමීමට අදාළ කම්කරු නීති සංශෝධනය කෙරේ.

ඒ අනුව අනිවාර්ය පාසල් අධ්‍යාපන වයස අවුරුදු 16 වශයෙන් වන අතර, නීතිමය විධිවිධානයන්ට අනුකූල වන පරිදි සේවකයන් සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට හැකි වන අයුරින් අදාළ කම්කරු නීතිය සංශෝධනය කිරීමට කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ පනත, 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත, අවම වේතන ආඥාපනත සංශෝධනය කිරීම පිණිස වූ පනත, 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥාපනත සහ 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල පනතේ ප්‍රකාශයට පත් කරන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු ඇමැතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව ද මෙහිදී සම්මත වී තිබේ.

නව අදහස දක්වන්න