අභිජනනයට යැයි කියා ගවයන් මසට ගෙන ගිහින් | දිනමිණ

අභිජනනයට යැයි කියා ගවයන් මසට ගෙන ගිහින්

වැල්ලවාය ඇතිලිවැව ප්‍රදේශයේ සිට අක්කරේපත්තු ප්‍රදේශයට ලොරියකින් රැගෙන යමින් සිටි මී මී ගවයන් පහළොස් දෙනකු මොනරාගල පොතුවිල් මාර්ගයේ වැලියාය ප්‍රදේශයේදී පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මී ගවයන් අභිජනනය සඳහා රැගෙන යන බවට පශු වෛද්‍ය නිලධාරීන් සහතික ලබාදී තිබුණත් සතුන් මස් පිණිස ඝාතනය කිරීමට සිදු කරන බැව් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. මෙම මී ගවයන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ 5 ක් පමණ වේ. ලොරියේ රියදුරු සහ තවත් අයකු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සහ නඩු භාණ්ඩ මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ මහතාගේ මෙහෙයවීම යටතේ උ.පො.ප පී.එම් දයානන්ද මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කර ඇත.

නව අදහස දක්වන්න