වසර 2023 වන විට එල්එන්ජී බලාගාර 02ක් ජාතික විදුලි ජනන පද්ධතියට | දිනමිණ

වසර 2023 වන විට එල්එන්ජී බලාගාර 02ක් ජාතික විදුලි ජනන පද්ධතියට

2023 වනවිට එල්එන්ජී බලාගාර 02ක් ජාතික විදුලි ජනන පද්ධතියට එකතු කිරීමට විදුලිබල අමාත්‍යංශය සැලසුම් කරයි. එල්එන්ජී බලාගාර ස්ථාපිත කිරීම හරහා ජාතික විදුලිබල පද්ධතියට සැලකිය යුතු දායකත්වයක් සැපයීමට බලාපොරොත්තු වන බව පසුගිය ආණ්ඩු සමයේදී විදුලිබල ක්ෂේත්‍රයේ සිදුවූ අදූරදර්ශී ක්‍රියාපිළිවෙළ නිසා ඉදිරියේදී ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බවත් විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ නිරීක්ෂණයකට පසුගියදා එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය.

රටක් වශයෙන් අප විදුලි අර්බුදයකට යන්නේ ඇයි? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්මට අනුව වසර 2030 වනවිට හරිත හා පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% දක්වා වර්ධනය කළයුතු වනවාසේම, මේ වනවිට 32% ක් වන ඩීසල් විදුලි දායකත්වය 5% දක්වා අවම කළ යුතුයි.

ඒ වෙනුවෙන් ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීමට තිබෙන බාධා ඉවත් කළ යුතුයි. විදුලිය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් විදිහට ලෙකෝ අායතනය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අරමුණු කරා ළඟාවීමට ශක්තියක් වේ කියා බලාපොරොත්තු වෙනවා.

මේ වනවිට පුනර්ජනනීය විදුලියෙන් ගන්න දායකත්වය මෙගාවොට් 900ක් පමණයි. 2023 වනවිට මේ තත්ත්වය දෙගුණයකින් වැඩි කරන්න අප බලාපොරෝතතු වෙනවා.

විශේෂයෙන් මෙතෙක් විදුලි පාරිභෝගිකයන්, විදුලි නිෂ්පාදකයන් කිරීමේ සැලසුම් ඉදිරි අයවැය යෝජනා සමඟ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් ඉදිරියේදි බලශක්තිය තවදුරටත් අර්බුදයක් නොවන තත්ත්වයට පත් කරනවා.

විදුලිය කියන්නේ අත්‍යාවශ්‍ය යටිතල පහසුකමක් වුවත්, විදුලිය සපයන ආයතන ජනතාවට බරක් කියන මතය ජනගත වී තිබෙනවා. නමුත් ලංකා විදුලි පෞද්ගලික සමාගම ඒ ආකාරයෙන් පුරවැසියන්ට කිසිම බරක් පටවන ආයතනයක් හැටියට මම දකින්නේ නැහැ. පාලක පක්ෂය වශයෙන් අප අධිපතිවාදී වියයතු නැහැ. සෑම දේශපාලන මතවාදයකටම ඇහුම්කන් දියයුතුයි. ඒ තුළින් නිවැරැදි මතවාද ක්‍රියාවට නැංවීමට කටයුතු කළයුතුයි. ඒ න්‍යාය අනුව යමින් ජනාධිපතිවරයා පසුගියදා විදුලියට සම්බන්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික සැම ආයතනයක්ම එකට රැස්කර විදුලියේ ඉදිරිය ගැන සාකච්ඡා කළා. මෙවැනි දෙයක් සිදුවුණේ ඉතිහාසයේ පළමු වතාවටයි.

දූරදර්ශී නායකත්වයෙන් යුත් වර්තමාන ආණ්ඩුවට එයට පිළියම් වශයෙන් දියහැකි සාක්ෂියයි. අප බලයට ආවේ ඉතිහාසයේ සිදුවූ අඩුපාඩු හොයලා ඉතිහාසයට ඇඟිලි දික්කරන්න නොවෙයි. අපෙන් වියයුතු යුතුකම් ඉටු කරනවද කියන කාරණය අප තීන්දු කළ යුතුයි.

චමීර ඇල්ලදෙණිය සහ චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න