විස්සට එරෙහිව සජබය මේ මස අගදී අධිකරණට | දිනමිණ

විස්සට එරෙහිව සජබය මේ මස අගදී අධිකරණට

විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග වෙත මේ මස අවසන් වීමට ප්‍රථමයෙන් යොමු වීමට සමඟි ජන බලවේගය සැලසුම් කර තිබේ.

එළඹෙන 22 වැනි දා 20 වැනි සංශෝධනය ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව සතියක් තුළදී සමගි ජන බලවේගය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

මේ වන විට නීති විශාරදයන්ගේ උපදෙස් පරිදි ඒ සඳහා සූදානම් වන බව මහ ලේකම්වරයා පැවසීය.

ශිවන්ති ප්‍රනාන්දු

නව අදහස දක්වන්න