ආනවිලුන්දාවට යළි පණ දෙන පරිසරවේදියෝ... | දිනමිණ

ආනවිලුන්දාවට යළි පණ දෙන පරිසරවේදියෝ...

ඉස්සන් වගාව සඳහා පොකුණු සෑදීමට අනවසරයෙන් ආනවිලුන්දාව කුරුලු අභයභූමියට ඇතුළු වී ඩෝසර් යොදා බිම සකස් කිරීමේ සිද්ධියකින් පසු සංවිධානය වූ පරිසරවේදීන් කණ්ඩායමක් වනජීවී දෙපාර්තමේන්තුවේ ද අවසරය ඇතිව විනාශ කර තිබූ භූමියෙහි රුක් රෝපණ ව්‍යාපාරයක් පෙරේදා (19 ) සිදු කරන ලදි.

'වයඹ පරිසර හඬ' සංවිධානය මෙම රුක් රෝපණ වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඊට වනජීවී දෙපාර්තමේන්තුව, කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක්, හරිත පරපුර සංවිධානය සහ ආනවිලුන්දන්පත්තු රැම්සා තෙත් බිම සුරැකීමේ සංවිධානවලද සහයෝගය ලැබී තිබිණි.

'වයඹ පරිසර හඬ' සංවිධානයේ සභාපති විල්පොත පේමානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පරිසරවේදීන් මෙම අවස්ථාවට එක් වී ඉස්සො කොටුවකට සකස් කළ භූමිය අසල බිමෙහි විවිධ වර්ගයේ කඩොලාන පැළ වර්ග රෝපණය කළ බව 'වයඹ පරිසර හඬ' සංවිධානයේ කැඳවුම්කරු අජිත් ගිහාන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

නව අදහස දක්වන්න