‘සෙස්’ බද්දෙන් කොටසක් අපනයන සංවර්ධනයට | දිනමිණ

‘සෙස්’ බද්දෙන් කොටසක් අපනයන සංවර්ධනයට

වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන

“සංවර්ධනය කරා යන ගමන වේගවත් කිරීමට නම් විදේශ විනිමය උපයා ගැනීමේ මාර්ග කඩිනමින් වැඩි දියුණු කළ යුතුයි. ඒ සඳහා අපනයන වෙළෙඳාම දියුණු කිරීම ඉතාමත් වැදගත්. සෙස් බද්දෙන් උපයාගත් මුදල් සංචිතයක් අප සතුයි. අපනයන වෙළෙඳාම දියුණු කිරීම සඳහා අවශ්‍ය අන්තර්ජාතික ‍වෙළෙඳ ප්‍රදර්ශන, සම්මේලන, හා ප්‍රවර්ධන කටයුතු සහ ආයෝජන දිරිදීම් සඳහා මෙම අරමුදලින් කොටසක් භාවිතා කළ හැකියි.මේ වන විට ඒ පිළිබඳ යෝජනාව කැබිනටි මණ්ඩලය වෙත ඉදිරිපත් කොට අවසන්. ඉදිරියේදී ඒ සඳහා අනුමැතිය ලැබීමට නියමිතයි”. යනුවෙන් බන්දුල ගුණවර්ධන මහතා අදහස් දැක්වූයේ තායි සුමේධා හඳුන්කූරු "ලංකා සුමේධා"නමින් කැනඩාව වෙත අපනයනය කිරීම සටහන් කරමින් ‍ මිරිහාන රැෆල්ස් හෝටලයේ පැවති උත්සවයක් අමතමින් පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අපනයන දියුණු කිරීම සඳහා භාණ්ඩ විවිධාංගීකරණය, මෙන්ම වෙළෙඳපොළ විවිධාංගීකරණය යන කාරණා පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි.තායි සුමේධා ආයතනය මෙරට සාම්ප්‍රදායික කර්මාන්තයක්ව පැවති හඳුන්කූරු කර්මාන්තය අන්තර්ජාතික වෙළෙඳපොළට උචිත අයුරින් නවීකරණය කොට ඇති බවත් මෙතෙක් මෙරට නිෂ්පාදන අපනයනය කළ සාම්ප්‍රදායික වෙළෙඳපොළ ඉක්මවා කැනඩාව වැනි ආගන්තුක වෙළෙඳපොළක් වෙත ප්‍රවේශ වීමට සමත්වීම සතුටට කරුණක් බවත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා-

ඉන්දීය සාගරයේ උපාය මාර්ගික වෙළෙඳ මර්මස්ථානයක පිහිටි අප රට වෙළෙඳාම පිළිබඳ ඇත්තේ වසර දහස් ගණනක පුරුද්දක්. මේ නිසාම ඒ තත්ත්වය නැවත ඉස්මතු කිරීම සඳහා අවැසි මඟ පෙන්වීම නායකත්වය ලබා දෙමින් නිසි ක්‍රමවේදයක් සැකසීමයි කළ යුතුව ඇත්තේ. ඒ සඳහා අවැසි කෙටි කාලීන විසඳුම් ලබා දීම මෙන්ම හා දිගු කාලීන ක්‍රියාමාර්ග මේ ‍වනවිට ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට තිබෙනවා.

ඇතැම් අත්‍යවශ්‍ය නිමි භාණ්ඩ ආනයනය වෙනුවට අමුද්‍රව්‍ය ආනයනය කර නිෂ්පාදන කටයුතු මෙරට කිරීමෙන් විරැකියාව මෙන්ම පිරිවැය අවම කර ගැනීම සඳහා පියවර ගත හැකියි. උදාහරණයක් විදිහට පොල් තෙල් ආනයනය වෙනුවට කොප්පරා ආනයනය කර පොල් තෙල් නිෂ්පාදනය කිරීම එවැනි තීරණයක්. යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම උත්සව අවස්ථාව ඇමතූ තායි සුමේධා අධිපති සුමේධා එන්ට්‍රප්‍රයිසස් ‍‍ප්‍රයි‍වට් ලිමිටඩ් ආයතනයේ සභාපති සුමේධ නවරත්න මහතා-

"ශ්‍රී ලංකාවේ සියලු සුපිරි වෙළෙඳසල් ජාලාවට හා සංචාරක අලෙවි සල්වලට හඳුන්කූරු විකිණීම සඳහා මුල්වරට උසස් තත්ත්ව පාලනයකින් යුතුව සපයනු ලැබුවේ තායි සුමේධා ආයතනය බව පවසන්නේ ආඩම්බරයෙන් යුතුවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අප ආයතනය වෙත සහ හඳුන්කූරු කර්මාන්තය වෙත මේ දක්වා දී ඇති අනුග්‍රහය සිහිපත් කරන්නේ කෘතවේදිවයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම මල් ඵල ගන්වමින් ඉන්දියාවෙන් ගෙන්වන ලද හඳුන්කූරු ආනයනය නතර කිරීම පිළිබඳ අපි ඉතා ප්‍රශසනීයව ස්තූති කරමු”. පැවසීය වසර 30 ක කාලයක් තුළ ක්‍රමයෙන් දියුණුවට පත් තායි සුමේධා ආයතනය 300කට අධික පිරිසකට රුකියා අවස්ථා හිමිකර දී ඇති අතර, රටවල් 15කට පමණ හඳුන්කූරු අපනයනය කරයි.

 

බුද්ධිකා බ්‍රාහ්මණගේ

නව අදහස දක්වන්න