හල්ලොලුව සාරානාථ පිරිවෙනෙහි සමාධි පිළිමයට මුල්ගල | දිනමිණ

හල්ලොලුව සාරානාථ පිරිවෙනෙහි සමාධි පිළිමයට මුල්ගල

කටුගස්තොට හල්ලොලුව ශ්‍රී සාරානාථ භික්ෂු විද්‍යා පීඨ මහා පිරිවෙන් විහාරයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ සිව් මහල් ගොඩනැඟිල්ලේ ඉහළ මහලයේ ඉදි කිරීමට යෝජිත රියන් 21ක් උස සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල්ගල් තැබීමේ පින්කම පසුගියදා (20) උදැසන 09.59ට යෙදුණු සුබ මොහොතින් සිදු විය. වත්මන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික දර්ශනපති සාරසියපත්තුවේ මංගල හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. පැවැති අධික වර්ෂාවද නොතකා මෙම මුල්ගල් තැබීමේ උත්සවයට ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

එස්.ජී. විජේරත්න - කටුගස්තොට සමූහ

නව අදහස දක්වන්න