කෑගල්ලේ රබර් ඉහළට ම ඇදෙයි කිලෝවට රුපියල් 320ක් | දිනමිණ

කෑගල්ලේ රබර් ඉහළට ම ඇදෙයි කිලෝවට රුපියල් 320ක්

කොළඹට පමණක් සීමාවී තිබූ ෂීට් රබර් වෙන්දේසිය දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමේ අරමුණින් කෑගල්ල රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් කෑගල්ල දැදිගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පසුගියදා පැවති රබර් වෙන්දේසියදී ගොවීන්ගේ නිෂ්පාදන ඉහළ මිලකට මිලදී ගැනීමත් සමග වෙන්දේසිය ඉතා සාර්ථක තත්ත්වයකට පත්විය.

මේ දිනවල කෑගල්ල දිස්ත්‍රික්කයේ වෙළෙඳ පොළේ රබර් ෂීට් කිලෝවක මිල රුපියල් 285කි. එහෙත් මෙම ෂීට් රබර් වෙන්දේසියේදී කිලෝවකට රුපියල් 320 ශත 25 ක ඉහළ මිලක් ලැබුණි. ඔටුපාළු කිලෝවක් සඳහා රුපියල් 130 මිලක් නියම විය. මෙම වෙන්දේසිය සඳහා ගොවීන් 32 ක් විසින් රබර් කිලෝ 7000 පමණ ඉදිරිපත් කොට තිබිණි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ රබර් සමාගම් 03 මිලදී ගැනීම සඳහා ඉදිරිපත් වී තිබිණි. මෙහිදී අතරමැදියන්ගේ ග්‍රහණයෙන් තොරව තරගකාරී මිලක් යටතේ රබර් ගොවීන්ගේ ෂීට් රබර් සඳහා ඉහළ මිලක් ලබා ගැනීමට අවස්ථාව උදාවිය.

මෙම අවස්ථාවට සහභාගි වූ සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිතව බෝග කර්මාන්ත නවීකරණ තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා පැවසීය.

අද ගොවියොත් බොහොම සතුටින් ඉන්නව.මිලදීගත් සමාගම්ද සතුටින් ඉන්නව.

මේ වැඩසටහන සාර්ථක නිසා අපි බලාපොරොත්තු වෙනව ලබන මසය තුල කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල,කෑගල්ල,මාවනැල්ල හා බුලත්කොහුපිටිය යන නගර කේන්ද්‍රකර ගනිමින් ඉතාමත් සැලසුම් සහගතව මෙවැනි වෙන්දේසි හතරක් පැවැත්වීමට. ඉදිරියේදී මුළු රටේම මෙවැනි වෙන්දේසි පවත්වලා රබර් ගොවීන්ගෙ අතමිට සරු කරන්න වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනව.

මෙහි මූලිකම අරමුණ වන්නේ අද රබර් කැපීමෙන් එළියට ගිහිල්ල ඉන්න ගොවිය නැවතත් මේ වගාවට ගෙනවිත් ඒ තුළින් නිශ්පාදනය වැඩිකිරීම හා නිශ්පාදනය වැඩිකිරීමෙන් හොඳ මිලක් ලබාගැනීම, මේ රටේ තිබෙන අවශ්‍යතාවයෙන් සියයට 50 අපේ රටේ නිපදවෙන්නෙ. ඉතිරි සියයට 50 තවමත් අපි පිටරට වලින් ගෙනෙන්නෙ. නැවත වගාවන්, නව වගාවන් හා අතහැර දමල තියෙන වගාවන් නැවත අරඹන්නත්, මෙතෙක් කාලයක් මෙම කර්මාන්තයෙ රැඳී සිටි ගොවියා නගා සිටුවන්නත් ඔවුන්ව ආරක්ෂා කරන්නත් වැඩපිළිවෙළක් සැකසීමටත් බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

මෙම අවස්ථාවට රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මංගල තිස්ස, ප්‍රාදේශිය අධ්‍යක්ෂ සුමිත් චන්දන, ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ රබර් සංවර්ධන නිලධාරි දීපාල් විතානාච්චි යන නිලධාරිහුද සහභාගි වූහ

 දයාරත්න බණ්ඩාර - කෑගල්ල දිස්ත්‍රික් සමූහ

නව අදහස දක්වන්න