බූවැලිකඩ මියගිය තිදෙනාගේ දේහයන් අද මිහිදන් කෙරේ | දිනමිණ

බූවැලිකඩ මියගිය තිදෙනාගේ දේහයන් අද මිහිදන් කෙරේ

ඡායාරූප-රුවන් මීගම්මන

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩා වැටුණු පස්මහල් ගොඩනැඟිල්ලට යටවී මියගිය අඹු-සැමි යුවළගේ සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති දියණියගේ අවසන් කටයුතු අද (23) මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

මියගිය අයගේ දේහයන් අවසන් ගෞවර දැක්වීම සඳහා බූවැලිකඩ ඔවුන් පදිංචිව සිටි හෝටලය ආසන්නයේ පිහිටි ඔවුන්ටම අයත් නිවසක තැන්පත්කර තිබේ. මෙම සිදුවීමෙන් අවාසනාවන්ත සිදුවීමෙන් මරණයට පත්වූයේ චමිල ප්‍රසාද් (35) අචලා ඒකනායක (32) සහ ඔවුන්ගේ දියණියයි.

මියගිය අචලා ඒකනායකගේ පියා වූ සිසිර බණ්ඩාර මහතා කියා සිටියේ මෙම මරණ සඳහා වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් නීතිමය පියවර කඩිනමින් ගත යුතු බවයි.

අවිධිමත් ආකාරයෙන් ඉදිකරපු ගොඩනැගිල්ල කඩන් වැටෙන වෙලාවේ එහි හිමිකරු ඔහුගේ පවුලේ අයගේ ජීවිත වගේම යාන වාහන වටිනා කියන දේවල් වගේම බල්ලෝ පවා බේරගෙන පැනගොස් තිබෙන බවත් මෙය විශාල අපරාධයක් බැවින් සාධාරණ පරීක්ෂණයකින් පසු ඔවුන්ට දඬුවම් ලබාදිය යුතු බවත් ඒ මහතා කීය.

මියගිය අයගේ දේහයන් අවසන් ගෞරවය සඳහා තැන්පත්කර තිබෙන අයුරු.

අසේල කුරුළුවංශ

 

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න