අමෙරිකාව චීනයට දෙහි කපයි | දිනමිණ

අමෙරිකාව චීනයට දෙහි කපයි

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීම අතර වාරයේ කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අමෙරිකාව චීනයට දොස් පවරා ඇත.

චීනය කොරෝනා වයිරසය පැතිරවීමට කටයුතු කරන ලද බව කියමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාරෝපණය කර තිබේ. මේ වසංගතයට චීනය වගවිය යුතු යැයි ට්‍රම්ප් කීවේය. මේ අවස්ථාවේ කතා කළ චීන අගමැති ෂිජින් පින් පැවැසුවේ කිසිම රටක් සමඟ ශීත යුද්ධයක් කිරීමට තමන් බලාපොරොත්තු නොවන බවයි. මෙවර ජගත් සමුළුව ප්‍රධාන වශයෙන්ම පැවැතියේ අන්තර්ජාලය හරහාය. බොහෝ නායකයෝ තමන්ගේ පටිගත කළ කතා මෙවර සමුළුවේ ප්‍රචාරය කිරීම සඳහා එවා තිබුණි.

නව අදහස දක්වන්න