විශ්වවිද්‍යාල ක්‍රීඩා දිනය ප්‍රථම වරට කැලණියෙන්.... | දිනමිණ


 

විශ්වවිද්‍යාල ක්‍රීඩා දිනය ප්‍රථම වරට කැලණියෙන්....

ගෝලීය සැමරුම් දිනයක් ලෙස යුනෙසකෝව විසින් නම් කරන ලද 2016 වසරෙන් ඇරැඹි ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ක්‍රීඩා දිනය ශ්‍රී ලාංකීය ජාතික විශ්ව විද්‍යාලයන්හි සහභාගිත්වයෙන් ප්‍රථම වරට පසුගිය දා කැලණිය විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමය හා කැලණිය විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා දෙපාර්තමේන්තුව එක්ව මේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය විශේෂ ආරාධිත අමුත්තෝ ලෙස සහභාගී වූහ.

නව අදහස දක්වන්න