එජා සංවිධානයට ප්‍රතිසංස්කරණ ඕනෑ | දිනමිණ

එජා සංවිධානයට ප්‍රතිසංස්කරණ ඕනෑ

අගමැති මොදි කියයි

ගතවන පැයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි 26 දා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරය අමතමින් ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ දුරස්ථ මාර්ගයෙන්, පටිගත කළ කතාවක් පවත්වමිනි. එක්සත් ජාතීන්ගේ තීරණ ගන්නා ආකෘතියෙන් ඉන්දියාව තවත් කෙතරම් කාලයක් ඈත් කොට තබන්නේ දැයි ඔහු මෙහිදී ප්‍රශ්න නැඟීය. කොවිඩ් වසංගතය හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෙන ගිය වැඩපිළිවෙළ කෙතරම් සාර්ථකත්වයක් ලබා ගත්තේ දැයි ඔහු තව දුරටත් ප්‍රශ්න කළේය.

කොවිඩ් වසංගතය තුරන් කිරීම සඳහා ඉන්දියාව සිය නිෂ්පාදන සහ බෙදාහැරීමේ හැකියාව ඉදිරියේ දී තව දුරටත් ලබා දෙන බවද මෝදි මේ අවස්ථාවේ කීවේය. ගෙවුණු මාස 8 සිට 9 දක්වා කාලයේ දී මුළු ලොවම කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කරද්දී ඒකාබද්ධ ප්‍රයත්නය ජය ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදු කළේ කුමක්දැයි සිය කථාවේ දී මෝදි ප්‍රශ්න කර ඇත.

 

නව අදහස දක්වන්න