තංගල්ල පරෙවි වැල්ල වෙරළ තීරය පිරිසුදු වෙයි | දිනමිණ


 

තංගල්ල පරෙවි වැල්ල වෙරළ තීරය පිරිසුදු වෙයි

අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍රීය සම්පත් සුරකීමේ සතියට සමගාමීව තංගල්ල පරෙවි වැල්ල වෙරළ තීරයේදී පරිසර පවිත්‍රතා වැඩමුළුවක් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එච්.කරුණාරත්න මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි. තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.එම්.ආර්.අඹේපිටිය මහතාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස පොලිස් ජිවිතාරක්ෂක හා ආපදා කළමනාකරණ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිමල් දිසානායක මහතා ඇතුළු ජීවිත ආරක්ෂක නිලධාරීන් හා කොට්ඨාස පරිසරය ඒකකයේ නිලධාරීන්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු ස්වේච්ඡා සංවිධානවල නියෝජියෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න