තවත් කොරෝනා ආසාදිතයින් 05ක් හඳුනා ගනියි | දිනමිණ

තවත් කොරෝනා ආසාදිතයින් 05ක් හඳුනා ගනියි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 05දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.
 
ඔවුන් විදෙස් රටවල සිට මෙරටට පැමිණ, නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයින් බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සදහන් කළේය. 
 
එලෙස හඳුනාගැනුණු ආසාදිතයින්ගෙන් සිව්දෙනෙකු  ඕමානයේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් ආසාදිතයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකි. 
 
ඒ අනුව මේවනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 3,379 දෙනෙකු හඳුනාගෙන තිබේ. 
 
ඉන් ආසාදිතයින් 3,230 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
 
එසේම තවදුරටත් ආසාදිතයින් 136 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබයි. 

නව අදහස දක්වන්න