වයඹ විහාරස්ථානවල අඩුපාඩු සපුරා දෙන්න පොරොන්දු දෙමින්... | දිනමිණ


 

වයඹ විහාරස්ථානවල අඩුපාඩු සපුරා දෙන්න පොරොන්දු දෙමින්...

ජාතික භික්ෂු පෙරමුණේ දොඩම්ගස්ලන්ද ආසනයේ සභාපති කිරිඳිවත්තේ සුමනසාර හිමියන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි විහාරස්ථානවල හා ප්‍රදේශයේ අඩුපාඩු පිළිබඳ වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සමඟ සාකච්ඡාවකට සහභාගි වූහ.

එහිදී ඒ පිළිබඳ සොයා බලා කටයුතු සිදු කිරීමට ආණ්ඩුකාරවරයා ස්වාමීන් වහන්සේට පොරොන්දු වූ අතර නිලධාරීන් හා සාකච්ඡා කොට අඩුපාඩු හා ප්‍රදේශයේ පවතින ගැටලු නිරාකරණය කිරීමට කඩිනමින් පියවර ගන්නා බවද පැවැසීය.

මේ අවස්ථාවට දොඩම්ගස්ලන්ද, මීපිටිය ශ්‍රී ජනමන්දිර රාමාධිපති, යටියන විපුලතිස්ස හිමි, ඇරෑපොළකන්ද සුගත මුනින්දාරාමාධිපති රම්බඩගල්ලේ ධම්මානන්ද හිමි, ආටිගල මුදලින්දාරාමාධිපති කුරුවිට සෝමරතන හිමි, උඩන්පොළ උන්නෑපාරුව පුරාණ විහාරාධිපති ගල්නෑවේ පඤ්ඤාතිස්ස හිමි,අංහන්දිය, නාරම්මළුව ශ්‍රී සිද්ධාර්ථාරාමාධිපති තඹුත්තේගම නන්ද හිමි, රිදීගම, රම්බඩගල්ල, මොණරාගල විහාරාධිපති උඩහොරොම්බුව සීවලී හිමියෝද සහභාගි වූහ.

අනුරුද්ධ සුබසිංහ - කුරුණෑගල මධ්‍යම සමූහ

නව අදහස දක්වන්න