කල්තොට සතිපොළෙන් රියැදුරන්ට හරි වදයක් | දිනමිණ


 

කල්තොට සතිපොළෙන් රියැදුරන්ට හරි වදයක්

බළන්ගොඩ කල්තොට කතරගම ප්‍රධාන මාර්ගයේ කිරිමැටිතැන්න ප්‍රදේශයේ මාර්ගයේ එක් පැත්තක පවත්වාගෙන යන බළන්ගොඩ ප්‍රදේශීය සභාව මගින් පාලනය වන සතිපොළ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියැදුරන් ඇතුළු ජනතාව අපහසුතාවට පත් වෙන බව ඔවුහු සඳහන් කරති.

අවුවෙන් වැස්සෙන් කරදරයක් නොමැතිව නිදහ⁣සේ වෙළෙදාම සිදු කර ගැනීම සඳහා සුදුසු ස්ථානයක් වෙන්කර දෙන්නේ නම් තමන්ට මෙන්ම ජනත­ාවටද එය පහසු බව වෙළෙඳුන්ගෙන් කළ විමසීමකදී පැවසීය.

අප මේ සම්බන්ධයෙන් බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ප්‍රේමසිරි මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඒ මහතා මෙසේ කීය

‘‘මෙම සතිපොළ මාර්ගය අයිනේ පවත්වාගෙන යෑම හේතුවෙන් මාර්ගය භාවිත කරන රියැදුරන්, ජනතාව සහ වෙළෙන්දන් අපහසුවයට පත්වෙන බව ඇත්ත. නමුත් මෙම සතිපොළ පැවැත්වෙන්නේ සතියකට එක දිනයයි. එ් නිසා ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය සතිපොළක් බවට මේ සතිපොළ දැන් පත්වෙලා තිබෙනවා.

මෙම සතිපොළ පවත්වාගෙන යෑම සඳහා මේ ආසන්නයේ සුදුසු ඉඩමක් වෙන්කිරීම සඳහා සියලුම කටයුතු මම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හැටියට කළා. නමුත් 2015 වර්ෂයේ ආණ්ඩු වෙනස් වීමත් සමඟ එය එහෙන්මම නතර වුණා. නැවත මේ කිරිමැටිතැන්න ප්‍රදේශයේ ඉඩමක් හඳුනාගෙන තිබෙනවා. ඒ ඉඩම වෙන්කර ගැනීමේ කටයුතු මේ දිනවල සිදු කරගෙන යනවා. ඉන්පසු අවශ්‍ය මුදල් ප්‍රතිපාදන රජය මඟින් වෙන්කරගෙන එම ස්ථානයේ සතිපොළ සඳහා පහසුකම් ලබා දෙන්න පුළුවන්’’ යැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

නව අදහස දක්වන්න