භික්ෂු ගිලන් විවේක මධ්‍යස්ථානයේ චෛත්‍යයක් ඉදි කිරීමට මුල් ගල | දිනමිණ

භික්ෂු ගිලන් විවේක මධ්‍යස්ථානයේ චෛත්‍යයක් ඉදි කිරීමට මුල් ගල

වැල්ලම්පිටිය භික්ෂු ගිලන් විවේක මධ්‍යස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීමට මංගල ශීලා ප්‍රතිෂ්ඨාපන උත්සවය අගුණකොළපැලැස්සේ විපුලසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

එදින මතින් තොර දේශයක් උදෙසා මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රණසිංහ මහතා විශේෂ දේශනයක් කළ අතර, අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත මහතාගේ පියාණන් වන සිරිසේන දොලවත්ත මහතා, කඩුවෙල නගරාධිපති ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

ජයන්ති කුරේ

නව අදහස දක්වන්න