අැමැති උදය ගම්මන්පිලට එරෙහිව නීතිපති නඩුවේ සාක්ෂි විභාගය දෙසැ. 7 දා | දිනමිණ

අැමැති උදය ගම්මන්පිලට එරෙහිව නීතිපති නඩුවේ සාක්ෂි විභාගය දෙසැ. 7 දා

කුමුදු හෙට්ටිආරච්චි

ව්‍යජ්‍ය ඇටෝනි බලපත්‍රයක් මඟින් ඔස්ට්‍රේලියානු ජාකික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20ක ව්‍යාපාර කොටස් වංචනිකව ලබා ගැනීම ඇතුළු අධි චෝදනා මත අැමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ වැඩිදුරටත් සාක්කි විභාගය ලබන දෙසැම්බර් 7 වැනිදා ට කල් තැබුණි. කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනේ.

මෙම නඩුවේ පැමිණිලිකරු වන රාජපක්ෂ පතිරණගේ ලසිත ඉන්දීර පෙරේරා යන අයගෙන් විත්තිය වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීම ඊයේ (13) සිදු කෙරුණි. මෙම පැමිණිල්ල හිටපු අැමැති පාඨලී චම්පික රණවක මහතාගේ වුවමනාව මත දමන ලද්දක් නොවේදැයි විත්තිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සාක්කිකරු වෙත ඊයේ (13) යෝජනා කර සිටියේය. විත්තියේ එම යෝජනාව තමා ප්‍රතික්ෂේප කරන බව සාක්කිකරු ඊට පිළිතුරු දෙමින් පවසා සිටියේය.

විත්තිය වෙනුවෙන් වැඩිදුරටත් හරස් ප්‍රශ්න ඇසීම කල් තැබුණි. ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් යන අයට අයත් මෙරට බැංකුවක තිබූ ව්‍යාපාර කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් මඟින් ලබාගනිමින් වංචා කළ බවට නීතිපතිවරයා විසින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

නව අදහස දක්වන්න