ලොව ප්‍රථම කාබන් අක්‍රිය ක්ෂුද්‍ර ජීවී මර්දක විෂබීජහරණ සේවාව එක්ස්ටර්මිනේටර්ස් | දිනමිණ

ලොව ප්‍රථම කාබන් අක්‍රිය ක්ෂුද්‍ර ජීවී මර්දක විෂබීජහරණ සේවාව එක්ස්ටර්මිනේටර්ස්

ආසියාවේ ප්‍රථම කාබන් අක්‍රිය පළිබෝධ මර්දක සමාගම වන ‘ද එක්ස්ටර්මිනේටර්ස්’ කොවිඩ් 19 ගෝලීය වසංගතය පිටුදැකීම සඳහා ලෝකයේ පළමු වැනි විශේෂිත ක්ෂුද්‍ර ජීවී මර්දක විෂබීජහරණ සේවාව අරඹයි. පරිසරය සුරැකීමට කැප වූ ද එක්ස්ටර්මිනේටර්ස් සමාගම ගෝලීය වශයෙන් පිළිගන්නා කාබන් අක්‍රිය සහතිකය හිමි කර ගෙන ඇත. අදාළ විෂබීජහරණ සේවයේ හරිතාගාර වායු විමෝචන මට්ටම් පරීක්ෂාව සිදු කළේ ඉකුත් සය වසර මුළුල්ලේම සමාගමේ වායු නිකුතුව කළමනාකරණයට උපදෙස් දුන් කාබන් කන්සල්ටින් සමාගමය. මේ විශේෂිත විෂබීජහරණ සේවය සඳහා කාබන් අක්‍රිය සහතිකය පිරිනමන ලද්දේ ISO 14064 ප්‍රමිතියට අනුව සංවිධාන හා ව්‍යාපෘතිවල හරිතාගාර වායු විමෝචන තහවුරු කිරීමේ බලය ලත් එකම ශ්‍රී ලාංකික සමාගම වන සස්ටේනබල් ෆියුචර් සමූහයය.

දේශීය ජන සමාජයටත් ව්‍යාපාරික ක්ෂේත්‍රයටත් එක සේ අභියෝගකාරී වත්මන් වසංගත තත්ත්වය තුළ විශේෂ විෂබීජහරණ සේවාවක් සඳහා පුහුණු කරන ලද එක්ස්ටර්මිනේටර්ස් විශේෂඥ කණ්ඩායම මේ දක්වා වැඩිහිටි නිවාස 71ක්, පොලිස් ස්ථාන 29ක්, පූජනීය ස්ථාන 15ක්, පාසල් 13ක් හා පොදු ස්ථාන 12ක් පවිත්‍ර කළේය. මේ උතුම් කාර්යය සඳහා රට පුරා කිලෝමීටර් 5,700ක් සංචාරය කළ එක්ස්ටර්මිනේටර්ස් කණ්ඩායම නිරෝධායන මධ්‍යස්ථාන ගණනාවක් මෙන්ම නෙළුම් කුලුනද විෂබීජහරණය කළේය. එක්ස්ටර්මිනේටර්ස් සේවය යටතේ විෂබීජහරණය කළ කිසිදු ස්ථානයකින් කොවිඩ් ආසාදිතයකු වාර්තා වී නොතිබීම විශේෂත්වයකි. “ශ්‍රී ලංකාවේ පුරෝගාමී හා ප්‍රමුඛතම විෂබීජහරණ ව්‍යාපාරය වශයෙන් මේ සහතිකය ලැබීම අපේ ගමන් මඟෙහි සුවිශේෂ සන්ධිස්ථානයක්. ලෝකයේ කාබන් අක්‍රිය සහතිකය ලත් ප්‍රථම විෂබීජහරණ සේවය මෙය බව අපේ විශ්වාසයයි.” එක්ස්ටර්මිනේටර්ස් නිර්මාතෘ කළමනාකාර අධ්‍යක්ෂ මාලන් ෆෙරෙයිරා මහතා පැවසීය. කොවිඩ් වසංගතය පවතින තාක් මේ සේවාව සපයන බවත් ඉදිරියේදී නව අභියෝගවලට මුහණ දීමට සූදානම් බවත් හෙතෙම සඳහන් කළේය.

නව අදහස දක්වන්න