අනුලා බුලත්සිංහල දිවි රඟ මඬලෙන් සමු ගනී | දිනමිණ

අනුලා බුලත්සිංහල දිවි රඟ මඬලෙන් සමු ගනී

ප්‍රවීණ වේදිකා නාට්‍ය, සිනමා, ටෙලිනාට්‍ය රංගන හා ගායන ශිල්පිනි අනුලා බුලත්සිංහල (73) ඊයේ (16) අභාවප්‍රාප්ත විය. ඇය ඊයේ පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ. ප්‍රවීණ ගීපද රචක ලූෂන් බුලත්සිංහල මහතාගේ දයාබර බිරිය වූ අනුලා බුලත්සිංහල මහත්මිය කුවේණී, මහසාර, වේදිකා නාට්‍යවල, භවත්‍රා ටෙලිනාට්‍ය සහ අසන්ධිමිත්තා, නිල්දිය යහන වැනි සිනමාපටවලින් ඇය ප්‍රේක්ෂකයන්ගේ ජනාදරයට පත්වූවාය.

දයානන්ද ගුණවර්ධනයන්ගේ මධුරජවනිකා, දයාවයමන්ගේ නෙයිනගේ සූදුව ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ ඉගිල්ලෙති වේදිකා නාට්‍යවල ඇය රඟපාමින් ගයනා කළ ගීත තවමත් රසිකරසිකාවියන්ගේ මතකයේ ඇත. විජේරත්න වරකාගොඩ සමඟ රඟහල දැන් ඇත අඬඅඳුරේ ගායනය මුලින්ම ඉදිරිපත් කළේද බුලත්සිංහල මහත්මියයි.

අනුලා බුලත්සිංහල මහත්මියගේ අවසන් කටයුතු අද(17) සවස 5.00ට බොරැල්ල සුසානභුමීයේදි සිදුකිරීමට නියමිත අතර ඇයගේ මෘත දේහය අද පෙරවරු 10.00සිට ජයරත්න මල්ශාලාවේ තැන්පත් කරති බේ.

 

නව අදහස දක්වන්න