රිෂාඩ්ගේ බිරියගෙන් CIDය ප්‍රකාශයක් ගනී | දිනමිණ

රිෂාඩ්ගේ බිරියගෙන් CIDය ප්‍රකාශයක් ගනී

හිටපු අැමැති පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් පෙරේදා (15) රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ පිහිටි නිවෙසේ දී සටහන් කරන ගෙන තිබේ.

පෙරේදා (15) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවෙසට පැමිණ පරීක්ෂා කළ අතර පැයක පමණ කාලයක් නිවෙස තුළ සිටි නිලධාරීන් පසුව එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණි.  මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හයක් යොදවා ඇතත් ඔහු සිටින ස්ථානයක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා සමත් වී නැත.

 

නව අදහස දක්වන්න