ලක්ෂ 4ක මත් පෙති 3750ක් ලුනාවෙන් අල්ලයි | දිනමිණ

ලක්ෂ 4ක මත් පෙති 3750ක් ලුනාවෙන් අල්ලයි

කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට මහා පරිමාණයෙන් මත් පෙති බෙදා හැරීමේ නියුතු පුද්ගලයකු අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනා මත් පෙති 3750ක් සහ ප්‍රවාහනය සඳහා යොදාගත් වෑන් රථය ද අලෙවියෙන් උපයාගත් මුදල් රුපියල් 31500/=ක මුදලක් සමඟ ඉකුත් 15 දින රාත්‍රියේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ලුනාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි.

 

සැකකරු රත්මලාන වෙඩිකන්ද පදිංචි වයස(35) ක්ද වන අතර මොහු මෙම වෑන් රථය යොදාගන මත් පෙති නියෝජිතයින් හරහා වැල්ලවත්ත, දෙහිවල, රත්මලාන, ගල්කිස්ස, ලුනාව, මොරටුව, පිලියන්දල, බොරලැස්ගමුව යන ප්‍රදේශවලට බෙදාහැර ඇති බවටත් මූලික විමර්ශනවලදී අනාවරණයවී ඇතැයි ද පොලීසිය කියයි.

 

වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝහන් ප්‍රේමරත්න මහතාගේ අධීක්‍ෂණය මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදු කර ගන යනු ලබයි. සැකකරු සහ නඩු භාණ්ඩ 16 වන දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කීරීමට නියමිතව තිබිණි.

බොරලැස්ගමුව සමූහ සෙනවිරත්න කහටපිටිය

නව අදහස දක්වන්න